ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවන රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු මේ දිනවල කොලඹ පිහිටි තානාපති කාර්යාල සමග සාකච්ජා පවත්වන බව වාර්තාවනවා.
දේශපාලන ආරංචි මාර්ග හෙළිකරන්නේ ජාතිකවාදී දේශපාලනයෙන් මේ වන විට මධ්‍යස්ථ මාවතකට අවතීර්ණවී සිටින මෙම ප්‍රබල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේද බහුතර විශ්වාසයක් දිනාගත හැකි අයකු බවයි.
එසේම වත්මන් ආණ්ඩුවේ වඩාත් ප්‍රබල හා සාර්ථක අමාත්‍යවරුන් සීමිත පිරිසෙන් ඉදිරියෙන්ම පසුවන පුද්ගලයකු ලෙසද ඔහු සැලකෙනවා.
ඒ අනුව 2019 ජනාධිපතිවරණයට ආණ්ඩු පාර්ශවයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා වැඩි අවස්ථාවක් මෙම අමාත්‍යවරයාට හිමිවන බවයි එම වාර්තා හෙළි කරනු ලබන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.