ඉරානයෙන් බොරතෙල් මිලදී ගැනීම ශ්‍රී ලංකාව විසින් නතර කර ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තාකර තිඛෙනවා.
ඒ ඉරානයට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක මුල් කරගෙනයි.
ඒ අනුව මේ වන විට සිංගප්පූරුවෙන් හා ඩුබායි දේශයෙන් ලංකාව ඉන්ධන මිලදී ගන්නා බවයි අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අබුඩාබියේ පලවන පුවත්පතකට අනාවරණ කර ඇත්තේ.
ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධ සාකච්ජා අර්බුධයකට ලක්වීම හේතුවෙන් අමෙරිකාව මෙම සම්බාධක පනවා තිබුණා.
ඒ අනුව ඉරානය සමග ඩොලර් ගණුදෙනු තහනම් වන අතර එම සම්බාධක කඩ කිරීම අමෙරිකාවෙන් මෙරටට සම්බාධක පැනවීමට හේතුවක් වන බවයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් ඉරානය මේ වන විට වඩාත් අඩුමිලට ඉන්ධන සපයමින් සිටින අතර ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයක් අමෙරිකානු සම්බාධක නොතකමින් එම ගණුදෙනු සදහා එක්ව සිටිනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.