Skip to content

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව 10/29 සිට අඛණ්ඩව විභාගයට

ලීට්රෝ ගෑස් සමාගම සතු රුපියල් මිලියන 500 කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා විභාග කිරිමට ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කර තිඛෙනවා.

ඒ අනුව නඩුවේ සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද සිතාසි නිකුත් කෙරුණා.

2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුල කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ලිට්රෝ ගෑස් සමාගම කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට එවූ මුදලින් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් ඇන්ඞ් ස්පා පුද්ගලික සමාගමට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ නීතීපතිවරයා නඩු පවරා තිබුණා.

ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ කේ. ලසන්ත බණඩාර යන අයටයි මෙම චෝදනා එල්ලවී ඇත්තේ.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.