සිර දඩුවම් විදිමින් සිටි පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා සහ ඔහුගේ දියණිය මුදා හැරීමට පකිස්ථාන මහාධිකරණය නියෝග කර තිඛෙනවා.
ඒ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය සලකා බැලීමෙන් පසුවයි.
දූෂණ චෝදනා හා පරීක්ෂණවලට සහාය නොදීමේ චෝදනා මත නවාස් ෂරීෆ් මහතාට වසර 10 ක සිර දඩුවමක් නියම කර තිබුණා.
ඔහු සහ දියණිය දෙමසක් බන්ධනාගාරගතව සිටි අතර එම කාලයේදී නවාස් ෂරීෆ් මහතාගේ බිරිඳ මරණයට පත්වුණා.
එම අවස්ථාවට එක්වීමටද ෂරීෆ් මහතාට හිමිව තිබුණේ පැය 10ක තාවකාලික අවසරයක් පමණයි.
ඒ අනුව තමන්ට එරෙහිව දේශපාලනික පළිගැනීමක් සිදුවූ බවත් සිර දඩුවම එහි ප්‍රතිඵලයක් බවත් හිටපු පකිස්ථාන අගමැතිවරයා සදහන් කරනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.