තීතයේ ශ්‍රී ලාංකීය රජදරුවන් විසින් ජාතික හා ආගමික වශයෙන් දේශය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමෙහි ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 23 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රැවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වීමට නියමිතව තිඛෙනවා.

අගමැති උපදේශක සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආගමික හා කලා කටයුතු පිළිබඳ උපදේශක පූජ්‍ය අඹන්වල ඥාණාලෝක හිමියන් ප්‍රකාශ කළේ, රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කළ සියලුම අතීත රජ දරුවන් වෙනුවෙන් මෙම පුණ්‍යානුමෝදනාව සිදුකරන බවයි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය සිදු කෙරෙන අතර ඊට මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වය සපයනවා.

මේ අවස්ථාවට සහභාගි වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ, වසර 2500ක ඉතිහාසය හිමි මෙරට පාලනය කළ රාජ්‍ය නායකයන් පින් අනුමෝදන් කිරීමේ වැඩසටහන ඉතා දුර්ලභ අවස්ථාවක් වන බවයි. කෘෂිකර්මාන්තය වාරි ශිෂ්ටාචාරය ගොඩ නැගීමට දායක වූ රජවරුන්ගේ සිට මේ දක්වා සියලුම නායකයන් සිහිපත් කොට මෙම පුණ්‍යානුමෝදනාව කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.