ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බවත් අතීතයේ පාලකයින් මෙන් වත්මන් ආණ්ඩුව ඒ සදහා අත පෙවීමක් සිදු නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.රටේ පොලිස් කොමිසමක් පවතින බැවින් ආණ්ඩුවට හෝ වෙනත් අයකුට මෙම පරීක්ෂණ සදහා බලපෑම් එල්ල කළ නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියා.
යම් චෝදනාවක් කළ පමණින් රාජ්‍ය සේවයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ පිළිබඳ සම්පූර්ණ පර්යේෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න මහතා මෙහිදී අවධාරණය කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.