රගර් ක්‍රීඩක වසීම් තාජිඩීන් පැහැරගෙන යාම සදහා සිරිලිය සවිය ව්‍යාපෘතිය යටතේ භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයක් භාවිතා කර ඇතැයි තොරතුරු හෙළිවන බව නීතිපති වරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ අද අනාවරණ කර තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා මේ බව අනාවරණ කර තිබුණේ නීතිපතිවරයා වෙනුවෙනුයි.
2012 වසරේ මැයි 17 වනදා තාජුඩීන් ඝාතනයට ලක්ව තිබුණා.
සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත ඇප ලබා සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,නාරහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් චම්පික හා කොලඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන මහත්වරුන් ද අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
නොවැම්බර් 29 වනදා නඩුව යළි කැදවීමට නියමිතයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.