දුම්රිය මාර්ගයට වන අලීන් පැමිණීම හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන වන අලීන් මිය යාමත්, ඔවුන් අනතුරට පත්වීමත්, දුම්රියට වන හානිත් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරනවා.

පසුගිය 18 වෙනි දින මඩකලපුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහනය කළ දුම්රියට හසුවී අලින් සිව්දෙනෙකු මියයෑමේ ආසන්නතම ඛේදජනක සිදුවීම හේතුපාදක කර ගනිමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මීට අදාළව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කර තිබෙනවා.මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩිලන්ත ප්‍රනාන්දු, වනජීවි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) එච්.ඩී.රත්නායක, වනජීවි අමාත්‍යාංශයේ පශු වෛද්‍ය ජී.ඒ.ටී.ප්‍රසාද්, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ.සුමනසේන, වනජීවි සත්ත්ව ආරක්ෂක සංගමයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා සහ වනජීවි සංරක්ෂණය උදෙසා තාක්ෂණික විෂය පථය ක්‍රියාත්මක කිරීමේ ස්වේච්ඡා සංවිධායක ඇමරිකාවේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ඉරෝෂ් පෙරේරා යන මහත්වරුන් කටයුතු කරනවා.

මෙම කමිටුව පත්කිරීමෙන් අනතුරුව වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවරයන් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර ,දුම්රිය මාර්ගයේ අලිමංකඩවල සහ දුම්රිය මාර්ගයට ආසන්නව අලින් වැඩිපුර ගැවසෙන ස්ථානවල ඉලෙක්ට්‍රොනික් පරිපථ සවි කිරීම සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.එමෙන්ම දුම්රිය මාර්ගයට යටින් අලින්ට මාරුවීම සඳහා ස්ථානත්, අලින් දුම්රිය මාර්ගය හරහා ගමන්ගන්නා ස්ථානවල සුදුසු පරිදි ගුවන් පාලම් ඉදිකිරීමත් තුළින් මෙම ගැටළුව අවම කළ හැකි බවයි යෝජනා වී ඇත්තේ.

මෙහිදී ඉරෝෂ් පෙරේරා මහතා විසින් මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික් පරිපථ යොදාගෙන සිදුකළ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව අමාත්‍යවරයාට පැහැදිලි කර ඇති අතර මෙම පරිපථ සවි කිරීම තුළින් දුම්රිය ගමන්ගන්නා මාර්ගය ඉදිරියේ අලින් සිටින බවට දුම්රිය රියදුරු දැනුවත් වීමට හැකියාව ලැබීමත්, ඒ තුළින් රියදුරුට දුර සිටම දුම්රිය නවත්වාගැනීමට හැකියාව හිමිවනවා.

 

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.