• Tue. Nov 29th, 2022

ඉන්ධන මිල වැඩිකරන්න ඉල්ලූ ගම්මන්පිලගේ යෝජනාව ප්‍රතික්ෂේපයි

ByLankaAnews

Jan 26, 2021

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම ඊයේ පවත්නා තිබුණේ සූම් තාක්ෂණය හරහායි.
පවත්නා තත්ත්වය තුල ඉන්ධන මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී ඇති අතර සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ද ඔහු පෙන්වා දී තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *