සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ”තොරතුරු සතිය” ප්‍රකාශයට පත් කර ඇති අතර අද සිට (21) තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ ඒ පිළිබද අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය;

තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයා වෙත ලබාදුන් හොඳ අවස්ථාවක්. ඒ ලබා දුන් හොඳ අවස්ථාව (තොරතුරු අයිතිය ) භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේ ම මේ පිළිබඳව මාධ්‍ය හරහා මහජනතාවට රැගෙන යා යුතුයි. තොරතුරු අයිතිය භාවිතා කරමින් මේ රටේ යහපාලනය ශක්තිමත් කිරිමටත්,ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනයට මහජන සහභාගිත්වය ලබා ගැනීම වැදගත්.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශශයේ අපේක්ෂාව ද එයයි.

සැප්තැමබර් මස 21 (අද ) දිනයේ දි උදෑසන 11.00 ට කොළඔ ජාතික රෝහල අසළ හා ප.ව 4.00 ට කොටුව දුම්රිය ස්ථානය අසළ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් සිදු කරමින් ජනතාව දැනුම්වත් කිරීමටද නියමිතයි.

ඊට අමතරව අද ප.ව 4.30 -ප.ව 7.00 ට  “RTI FILM DAY” තොරතුරු දැනගැනිමේ අයිතිය සම්බන්ධයෙන් නිෂ්පාදිත කෙටි චිත්‍රපට උළෙලක් තරංගනී සිනමා ශාලාවේ පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.