අමාත්‍ය ධූරවලින් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය පල කරන මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ ආසන සංවිධායක ධූර අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ජාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ වෙනුවට නව ආසන සංවිධායකයින් හෙට දිනයේදී පත්කිරීමට නියමිතයි.

මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන බල මණ්ඩල පිහිටුවා නොමැතිවීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.