පාතාල කල්ලි නායකයකු වන මාකදුරේ මදූෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු වන කලුවන් මධුෂාන් ආබෘ නැමැත්තා අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරෝයින් මිලිග්‍රෑම් 1060ක් වැල්ලම්පිටියේ ගැනුම්කරුවෙකු වෙත ලබා දීමට සුදානම් වන අවස්ථාවේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මේ වන විට එම සැකකරු රඳවා තබා ගැනීමේ නියෝගමත රදවා ගනිමින් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.

මොහු 2018.7.8 ජම්පටා වීදියේදී ගිතා හා රාජා යන අඹු සැමි යුවල වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු වන බවත් 2018.8.3 මෝදර තැපැල් කාර්යාලය අසලදී කුඩුකන්නා නැමැති හෙරෝයින් ජාවාරම්කරුගේ පියාට වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු වන බවත් සී.සී.ටී.වී දර්ශන වලින් හෙළිව තිබෙනවා.සැකකරු එක් මිනිස් ඝාතනයක් වෙනුවෙන් මාකදුරේ මධූෂ්ගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ලබාගෙන ඇති බවද මේ වන විට අනාවරණ වෙමින් පවතිනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.