රුපියල අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන බව පැවැසීම සම්පූර්ණයෙන්ම වැරැදි මතයක් බව මහ බැංකුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම යන හේතූන් මත ආසියාව ඇතුළු රටවල මුදල් එ්කක අවප්‍රමාණය වීම සිදුවෙමින් පවතින බවයි ඔහු සදහන් කරන්නේ.
මේ වසර තුළ ඉන්දියානු රුපියල 11% කින්ද, ඉන්දුනීසියා රුපියල 9%කින්ද, ඕස්ට්‍රේලියාව ඩොලරය 8.2%කින්ද, පිලිපීන පෙසෝ 7.7%කින්ද අවප්‍රමාණවී ඇති අතර ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 7%කින් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය 2011 – 2012 කාලයේ ශ්‍රී ලංකා රුපියල 12%කින් පමණ අවප්‍රමාණ වූ බවත්  2015 වසරේදී 9%කින් රුපියල අවප්‍රමාණ වූ බවත්  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා.
එම අවස්ථාවේදී (2011 – 2012 කාලයේ )රුපියල රැකගැනීම සඳහා විදේශ සංචිත ඩොලර් බිලියන 4ක් පමණ යෙදවීමට සිදුවුණද මේ වන විට ඩොලර් සංචිත ආරක්ෂාකාරීව පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇමෙරිකා ඩොලරයට සාපේක්‍ෂව ඊයේ වනවිට රුපියලේ අගය 168.63 දක්වා අවප්‍රමාණය වී තිබූ අතර එය තවත් වර්ධනය විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.