මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැක පිට ඊයේ අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සදහා ඊයේ කැදවීමෙන් පසුවයි.
2009 වසරේ අගෝස්තු 28 වනදා ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් පසුව මුදා හැර ඇති බව ප්‍රකාශ වන අතර පසුව 2010 වසරේ ජනවාරි මස 24 වනදා යළිත් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.