මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිකුත් කර තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධීකරණය විසින් අද යළිත් අනුමත කළා.
ඒ අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කරමිනුයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පනතේ 29 (2) වගන්තිය යටතේ සයිටම් ආයතනයේ පෙත්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා හිමිකම් පවතින බවයි.

ඒ අනුව 2017.  වසරේ ජනවාරි මස 31 වනදා අභියාචනාධිකරණය දුන් නියෝගය  තහවුරු කළ විනිසුරුවරයා ඒ හේතුවෙන් අදාළ සිසුවියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.