ටැන්සානියාවේ වික්ටෝරියා ජලාශයේදී මගී යාත්‍රාවක් පෙරළීමෙන් මිය ගිය ගණන 79 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජයේ වාර්තා අනාවරණ කළේ අනතුරින් පසු තවත් 84 දෙනකු අතුරුදන්ව සිටින බවට සැක කරන බවයි.
මෙම යාත්‍රාව සිය දෙනකුට පමණ ගමන් කළ හැකි එකක් වුවද එහි 200 දෙනකු පමණ ගමන් කරමින් තිබියදීයි අනතුර සිදුව තිබුණේ.
අනතුරින් පසු 37 දෙනකු මුදා ගත් අතර අනෙක් පිරිස පිළිබද අපේක්ෂා තැබීම අපහසු බවයි ටැන්සානියානු මාධ්‍ය පවසන්නේ.
මෙම අනතුර සිදුවූ වික්ටෝරියා ජලාශය අප්‍රිකාවේ විශාලතම ජලාශයද වනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.