මන්ත්‍රී බදුයුදීන්ගේ නිවසේ සේවය කළ දැරියක් මියයාම ගැන ප්‍රකාශ ලබාගැනීම අරඹයි

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

දැරියව මෙහෙකාර සේවය සඳහා රැගෙන ඒමට පෙර රැගෙන විත් තිබු 21 හැවිරිදි කාන්තාවක් හා 32 හැවිරිදි කාන්තාවකගෙන් එලෙස ප්‍රකාශ ලබාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කොළඹ දකුණ කොට්ඨාස අපරාද විමර්ශන අංශය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය නිලධාරීන් කණ්ඩායම් දෙකක් ලෙස මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබෙනවා.

ඒ අනුව ඊයේ (21) දිනයේ දී ඩයගම ප්‍රදේශයේ දී මියගිය දැරියගේ මව, සුළු පියා, සහෝදරයාගෙන් හා සහෝදරියගෙන් පැය 10කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *