යුද්ධයේ අවසන් මොහොතේදී ප්‍රභාකරන් බේරා ගැනීමට එම සමයේ ඉන්දියාවේ පාලනය හෙබවූ කොන්ග්‍රස් පක්ෂය උත්සාහ කළ බව භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.
ඉන්දීය කොන්ග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි හා එවක අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී. චිදම්බරම් යන දෙදෙනා සහ එල්ටීටීඊ නායකයා අතර දැඩි සබදතාවක් පැවැති බවයි ස්වාමි මහතා මීට පෙරද අදහස් දක්වා තිබුණේ.

මෙම ට්විටර් පණිවිඩයට අනුව යුද්ධයේ අවසන් දිනයේදී ඉන්දීය නෞකාවක් මෙරටට එවන බවත් එයින් ඉන්දියාවට පැමිණෙන ලෙසත් ප්‍රභාකරන්ට දන්වා තිබූ බවයි පැවසෙන්නේ.
එහෙත් ඉන්දියාවේ නැව පැමිණීමට පෙර නැවක් එහි ආ අතර එය ඉන්දීය නැව බව සිතා ප්‍රභාකරන් වනයෙන් පිටතට පැමිණි බවද සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසනවා.
එහෙත් එම නැව ශ්‍රී ලංකා හමුදාවට අයත් එකක්වූ බැවින් ප්‍රභාකරන් ඝාතනයවූ බවටයි ඔහු අදහස් දක්වන්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.