ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය අව ප්‍රමාණය වීමත් සමග වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 3කින් පමණ ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මහතා පවසනවා.
එසේම මෙරටට වාහන ගෙන්වීමද ඉදිරියේදී දැඩිව සීමාවනු ඇති බවයි ඔහු පවසන්නේ.

රුපියල අවප්‍රමාණය වීමත් සමග, මේ වනවිට ලංකාවේ ඉතා ජනප්‍රිය වැගන් ආර්. මාදිලියේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණද, අනෙකුත් සෑම වාහන මාදිලියකම මිල, දැනට වෙළෙඳ‍පොළේ පවතින මිලෙන් 8කින්ද ඉහළ යන බව සභාපතිවරයා කියා සිටියා. පසුගිය දින 10ක පමණ කාලය තුළ රුපිය‍ලේ අගය දැඩිව අවප්‍රමාණයවීම මීට හේතුවයි.

මේ තත්ත්වය යටතේ, රථවාහන පමණක් නොව සෑම ආනයනික භාණ්ඩයකම පිරිවැය 8කින් ඉහළ යන බව පැවැසූ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයේ නිසි ආර්ථික කළමනාකරණයක් නොතිබිම හේතුවෙන් මෙබඳු අර්බුදකාරී වාතාවරණයක් උද්ගතව ඇති බවයි.

එන්ජින් ධාරිතාවය 1000  ට අඩු වාහනවල බදු අසීමිත ලෙස ඉහළ නැංවීමට පියවර ගැනීම රථවාහන ආනයනය සඳහා ණය වර ලිපි විවෘත කිරීමේදී වාහනයේ වටිනාකමට 100කින් සමාන මුදලක් තැන්පත් කිරීම අනිවාර්ය කිරීම සහ ණය වර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් කල්බදු ක්‍රමය යටතේ වාහන ආනයනකරුවන්ට නිකුත් නොකරන ලෙස රජය වාණිජ බැංකුවලට උපදෙස් ලබාදීම යන කාරණාද ඉදිරියේදී වාහන ආනයනය සීමාවීමට බලපානු ඇති බව ඒ මහතා කියා සිටියා. කෙසේ වෙතත්, දැනට මෙරටට ගෙන්වා තිබෙන වාහනවල මිල වැඩි නොකිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.