නැගෙනහිර ජැටිය අපේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් / ඉන්දියාව කියයි(Nikkei Asia)

Sri Lanka

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත ජනවාරි 25 දා පල කර ඇති අනාවරණයට අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ දැඩි උනන්දුව කිසිසේත් අත් නොහරින බවත් නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත දැඩි පීඩනයක් ඉන්දියාව විසින් එල්ල කරන බවයි..

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය මනින මිනුම් දන්ඩ නැගෙනහිර ජැටිය බවත් එහි අයිතිය හිමිවීම මත අනාගතය තීරණය වනු ඇති බවත් ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශක වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන නවදිල්ලියේ ජින්දාල් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පන්කජ් කුමාර් චීනය විසින් දකුණු ආසියානු කලාපය තුල සිදුකරමින් යන නාවික ආධිපත්‍ය පැතිරවීම වැලැක්වීමට ඉන්දියාවට කොළඹ වරාය උපක්‍රමික ලෙස වැදගත් මර්මස්ථානයක් බව පවසයි.

ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වරාය වන කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ 49% ක් ඉන්දියාවේ අදානි සමාගමට විකිණිමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇති අතර එම තීරණය හකුලා ගන්නා ලෙස බලකරමින් වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් දැඩි විරෝධයක් දක්වමින් සිටියි.(LT)

https://asia.nikkei.com/Politics/International-relations/India-strikes-hard-bargain-in-Sri-Lanka-for-stake-in-Colombo-port


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *