

කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයින් 64 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස අද හදුනාගෙන තිබෙනවා.
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පැවසුවේ දින කිහිපයකට පෙර එම ආයතනයෙන් ආසාදිතයන් 3 දෙනකු හදුනා ගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂාවක දී මෙම ආසාදිතයන් හදුනාගත් බවයි.
කෙසේ වෙතත් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත්තේ එහි එක් අංශයක සිදුකළ පරීක්ෂාවන් මගින් පමණයි.
ඒ අනුව අනෙක් අංශ වල සේවකයන්ද පරීක්ෂාවන්ට ලක් කිරීමට නියමිත වනවා.
කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම නිසාවෙන් අදාල ප්‍රදේශයේ කටයුතු සදහා අවශ්‍ය සෞඛ්‍ය බළධාරීන්ගේ ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු තත්වයක පවතින බවද කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464