ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 8000කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට අමෙරිකාව කැමැත්ත පල කර තිබෙනවා.

අමෙරිකානු සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රොක් බියර්මන් මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ හමුවූ අවස්ථාවේදීයි.

මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය ඉදිරි දිනවලදී සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුමට අත්සන් තබන බවයි මෙහිදී අවධාරණය කෙරුනේ.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහභාගී විය හැකි නම්, ඒ පිළිබඳව කෘතඥතාව පළ කර බව පැවසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ සඳහා එකඟතාවය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.