ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර හමුවීමට පැමිණි ඉන්දී්‍ය ජාතිකයා තවත් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබද දැන සිටින බව හෙලිකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දුන්නා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ සූදානමක්ද පැවති බවට මෙම ප්‍රකාශ තුල කරුණු සදහන් වන බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙම සැකකාර ඉන්දියන් ජාතිකයා කිසිම වගකිවයුතු ස්ථානයකට මේ බව දැනුම්දීමක් සිදුකර නැතැයි ද මෙම වාර්තාවේ දැක්වෙනවා.
ඒ අනුව ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.