ප්‍රභූ ඝාතන සැලසුමක කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ නියෝගයක් මතයි.

අදාළ දුරකථන සංවාදවල කට හඬ නිශ්චිත කර ගැනීමට සාම්පල් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නේ.

නාමල් කුමාර මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කටහඩ සාම්පල හදුනා ගැනීමට ඔහු අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නියමිතයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.