කුමන්ත්‍රණ චෝදනාවක් සම්බන්ධයෙන් අනාවරණ කළ නාමල් කුමාර නැමැත්තා හමුවීමට පැමිණ අත්අඩංගුවට පත්වූ ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් පලවූ ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අදාළ ඉන්දීය ජාතිකයා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ලබාගත් තීන්දුව පදනම් කරගනිමින් මෙම අසත්‍ය මාධ්‍ය වාර්තා පලව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ප්‍රභූ ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව නිවේදනයේ සදහන්.

අදාළ සිද්ධිය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි විමර්ශනයක් සිදුකළ යුතු බව නිවේදනයේ දැක්වෙනවා.

කෙසේවෙතත් තහවුරු කිරීමකින් තොරව මෙවැනි බරපතළ කරුණු පළ කිරීමට සමාව දිය නොහැකි බව ද මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මෙරෙට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර තිඛෙනවා.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම පුද්ගලයා 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව එම අනාවරණයේ දැක්වෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.