තායිලන්තයේ සිට ප්‍රංශය බලා ව්‍යාජ ගමන් බලත්‍රයක් යොදා ගනිමින් ගමන් කිරීමට උත්සාහ කළ ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
තායිලන්ත ස්වර්ණභූමි ගුවන් තොටුපලේ පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත අනාවරණ කර ඇත්තේ සැකකරු පී තර්මලිංගම් ලෙස හදුනාගෙන ඇති බවයි.
කුවේට් සිට පැරිස් බලා යන ගුවන් යානයකට ඇතුළුවීමට මෙම තැනැත්තා උත්සාහ කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂාවකදී අනාවරණවී ඇත්තේ සැකකරුගේ ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවයි.
ක්වාලාලාම්පූර් නුවර ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කරන ස්ථානයකින් සැකකරු මෙම බලපත්‍රය සකස් කරවාගෙන ඇති බව හෙළිව තිඛෙනවා.
මෙසේ ව්‍යාජ ගමන් බලපත් ඔස්සේ තායිලන්තය හරහා විදෙස්ගතවීමේ ජාවාරමක් පවතින අතර ඊට ලාංකිකයින් / ඉරාක / ඉරාන / පකිස්ථාන හා බංග්ලාදේශ ජාතිකයින් සම්බන්ධ බවයි අනාවරණ කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.