ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව විවිධ පාර්ශවයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

යුද හමුදා හිටපු බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද උදලාගම, හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව  පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.ලසන්ත වික්‍රමතුංග මහතාගේ පළමු බිරිදගෙන් , සහෝදරයාගෙන්, දියණියගෙන්,  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ලබා ගත් ප්‍රකාශ මෙහිදී අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුව ලබන වසරේ ජනවාරි 17 වනදා තෙක් යළි කල් දැමුණා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.