ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය සදහා යළි මහින්ද රාජපක්ෂ මහතා යළි පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා.

කොළඹ දිසා අධිකරණය මීට පෙර එම පෙත්සම නිෂ්ප්‍රභ කර තිබූ අතර එම තීන්දුවට එරෙහිවයි සිවිල් අභියාචනා මහාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නැති බවත් කරුණු වරදවා වටහා ගෙන නඩුව ගොනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා අධිකරණය හමුවේ මූලික විරෝධතාවයක් ගොනුකරනු ලැබුවා.

පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සොහොයුරා වන සුනන්ද දේශප්‍රිය මහතාගේ නම දෝෂ සහිත ලෙසට විත්තිකරුවෙකු ලෙස යොදා ඇති බව ද මූලික විරෝධතාවලින් පෙන්වාදී තිබුණා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.