ඔස්ටේ්‍රලියාවේදී ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් නිසාම්ඩීන් එරට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහුගේ අත්අකුරු හා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සටහන්වල ඇති අත්අකුරු නොගැලපෙන බවට පරීක්ෂණවලදී අනාවරණවීමෙන් පසුවයි.
ඔස්ටේ්‍රලියාවේ නිව් සවුත්වේල්ස් සරසවියේ අධ්‍යාපනය ලබමින් එහි රැකියාවක නිරතවූ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්ඩීන් අත්අඩංගුවට ගැණුනේ ඔහු සතුව තිබූ ලේඛනවල ත්‍රස්ත ප්‍රහාර සැලසුමක් පැවැති බවට ඔහුගේ මිතුරකු විසින් සිදුකළ දැනුම්දීමක් මතයි.
එම ලේඛනවල එරට වැදගත් ස්ථාන රැසක හා අගමැතිවරයාවූ මැල්කම් ටර්න්බුල්ගේ මෙන්ම ජූලියා බිෂොප් මහත්මිය ඝාතන සැලසුමක් පැවති බවටයි චෝදනා එල්ලවුණේ.
කෙසේ වෙතත් මෙහිදී ඔහු සතුව තිබූ කිසිදු විද්‍යුත් උපකරණයකින් එවන් සැක කටයුතු යමක් හමුව නැහැ.
මේ අතර ලාංකීය සිසුවා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා අධිකරණය හමුවේ දන්වා සිටියේ සැකකරුට එරෙහි සියලු චෝදනා අසත්‍ය බවයි.
සිද්ධියට අදාළ නඩුව ලබන මාසයේ යලි විභාගයට ගැනෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.