අධිකරණය විසින් යළි තහවුරු කළ නියෝගය අනුව තමන්ට ලියාපදිංචිය ලබාදෙන්නැයි සටියම් උපාධිධාරී වෛද්‍ය සිසුන් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ වැඩබලන ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු මහතා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය සභාව රැස්වී මේ පිළිබද තීරණය කර දැනුම්දීමක් සිදුකරන බවයි.
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබූ අතර අධිකරණය විසින් එම අවසරය ලබාදී තිබුණා.
පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඊට අදාළ අභියාචනයක් ඉදිරිපත් කළද එය නිෂ්ප්‍රභ කරමින් තීන්දුව යළි සහතික කිරීමටයි අභියාචනාධිකරණය කටයුතු කළේ.
කෙසේ වෙතත් මෙම තීන්දු ක්‍රියාත්මක නොකරන්නේ නම් වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා ඊට අදාළ ඉදිරි පියවර ගත හැකිවනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.