ජනාධිපතිවරයා විසින් ජගත් සංවිධානය හමුවේ සිදුකළ ප්‍රකාශය වලංගු වන්නේ ශ්‍රී ලංකාවද සහය දක්වා ඇති 30 / 1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වන්නේ නම් පමණක් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
ඒ අනුව එම යෝජනාවට සහාය දක්වමින් ලංකාවට බලපෑම් නොකරන ලෙස ඉල්ලා සිටීම නිෂ්ඵල බවයි ඔහු පවසන්නේ.
දෙවන ලෝක යුද්ධයේදී අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ජර්මානුවන් ලක්ෂ ගණනක් ඝාතනය කළ අතර යුද්ධයෙන් පසුවද ජර්මානුවන් ලක්ෂ ගණනක් සිරකරුවන් ලෙස මිය ගිය බවයි සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්මෙරට යුද්ධයේ අවසන් මොහොතේදී ලක්ෂ 3ක පිරිසක් බේරාගත් අතර අත්අඩංගුවට ගත් ත/ස්තවාදීන් 12,000ක්ද පුනුරුත්ථාපනය කර සමාජ ගත කර ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ. එබැවින් එවන් තත්ත්වයක් යටතේ ලංකාව වගඋත්තරකරුවකු නොවිය යුතු බවද රියර් අද්මිරාල්වරයා අවධාරණය කළා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.