ශ්‍රී ලංකා ජනරජය, චීන ජන රජය සමග ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

මෙම ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ චීන රජයත්, ශ්‍රී ලංකා ජනරජයත් හා ලංකා විදුලිබල මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන්. හම්බන්තොට ඉදිවන මෙම බලාගාරය මගින් මෙගාවොට 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. රටේ විදුලියට තිරසාර විසදුමක් ලෙස පරිසර දූෂණය ඉතා අවම මට්ටමේ පවතින LNGවිදුලි බලාගාරය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.