ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් හා ඩීසල් හේතුවෙන් ලබන අලාභය පසුගිය සති කිහිපය තුල වර්ධනයවී තිබෙනවා.
ඒ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම හමුවේයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් ලබන අලාභය රුපියල් 12ක් දක්වාත්/ ඩීසල් ලීටරයකින් ලබන අලාභය රුපියල් 18ක් දක්වාත් වැඩි වී ඇති බව සදහන්.
එම අලාභය දරා ගනිමින් තෙල් සංස්ථාව මේ වන විට ඉන්ධන සැපයීමේ නිරත වන අතර ලබන 10 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුවන සංශෝධනය බොහෝ විට සැලකිය යුතු මිල වැඩිවීමක් වනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.