ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා අවශ්‍ය කජු ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කජු පිළිබද ජනාධිපතිවරයා පල කළ අදහස් හේතුවෙන් මෙතෙක් එම ඇණවුම භාරව සිටි ඩුබායි සමාගම වෙනුවටයි.
එම කජු සුනඛයකුට හෝ අනුභව කළ නොහැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ.
කෙසේ වෙතත් මෙම ඇණවුම ශ්‍රී ලංකා කජු සංස්ථාවට පැවරීම හේතුවෙන් ඒ සදහා වැඩි පිරිවැයක් දැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිදුවනවා.
2016 වසර දක්වාම මෙම ඇණවුම හිමිව තිබුණේද ශ්‍රී ලංකා කජු සංස්ථාවටයි.
එහෙත් එම කජුවල මිල අධිකවීම හේතුවෙන් අඩු මිලක් ඉදිරිපත් කළ ඩුබායි සමාගමකට එම අවස්ථාව ලබාදී තිබුණා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.