ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඇමෙරිකානු සංචාරය නිම කර දිවයිනට පැමිණි වහාම බරපතළ මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනකු සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.මෙම  මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරයකු ද සිටින බව එම වාර්තාවේ සදහන්.එමෙන්ම දැනට චෝදනාවලට ලක්ව ඇති රජයේ ආයතන කිහිපයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග හෙළිකරනවා.
මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ධුරයට පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.