විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වන්න / අගමැතිගෙන් උපදෙස්

මෙරටට පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (2021.01.26) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව අවධාරණය කළා.
ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා.
ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට අගමැතිවරයා මෙහිදී විශ්වාසය පළ කළා.
ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍යඅවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.
මෙසේ පැමිණෙන ශ්‍රමිකයන් නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබදවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
මේ වනවිට විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවනවා.
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *