ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අක්‍රිය වී සති දෙකක කාලයක් ගත වුවද එය සම්පූර්ණ කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉහත සභාව සඳහා නිල බලයෙන් පත්ව සිටින කථානායක, අගමැති, විපක්ෂ නායක හැරුණු කොට අන් සියලු දෙනාගේ නිල කාලය සැප්තැම්බර් මස 07 දායින් අවසන් වූ අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණක් මේ වන විට පත් කර තිබීම ඊට හේතුවයි.වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කෙරුණු අතර අගමැති, විපක්ෂ නායක නියෝජිතයන් මෙන්ම සුළු පක්ෂ නියෝජිතයාද පත් කිරීමටව තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, හා සුළු පක්ෂ නියෝජිතයා ලබන පාර්ලිමේන්තු කාලයේදී පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සිවිල් සමාජය නියෝජනය කරමින් තිදෙනකු පත් කරන අතර එම පිරිස පිළිබඳ තවමත් තීරණයක් ගෙන නැහැ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.