තවත් කොරෝනා මරණ 66 ක්

කොරෝනා ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළා.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 25 දෙනෙක් වන අතර මියගිය අයගෙන් 49 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් ද වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *