දුම්රිය ගාස්තු හෙට සිට 15% කින් ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් දහයේ අවම ගාස්තුවේ වෙනසක් නොවන බව යි.

දෙවැනි පන්තියේ අවම ගාස්තුව රුපියල් 20.00 ක් ලෙසත් පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 40.00 ක් ලෙසත් නොවෙනස්ව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මීට සමගාමිව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය වුව ද ඒ සඳහා මෙතෙක් අය කළ ප්‍රතිශතය සංශෝධනය නොවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ගාස්තු සංශෝධනය සිදු කරනු ලබන්නේ වසර 10 කට පසුවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.