ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඊයේ දිනයේදී ඇද හැළුණු අධික වර්ෂාවත් සමග අකුරණ නගරයේ ජල ගැලීමෙන් වෙළෙඳසැල් 350 කට පමණ අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

එහි මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි අකුරණ නගරයේ අඩි 4 ක පමණ ජල ප්‍රමාණයක් තිබු බවයි.

මේ වනවිට ජලය පහව ගොස් ඇති අතර ගමනාගමනයට බාධා නොමැති බව ද ඔහු සඳහන් කළා.

රණවීර මහතා සඳහන් කළේ, පිගා ඔය සහ වහගල ඔය ආශ්‍රිත අනවසර ඉදිකිරීම් මෙම ජල ගැලීම් තත්ත්වයට හේතුවී ඇති බවයි.

මේ අතර බදුල්ලට ඊයේ ඇඳ හැළුණු තද වැසි සමග බදුලු ඔය හල්පේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ පවතිනවා.

අප වාර්තාකරු පැවසුවේ, කාණු පද්ධති අවහිරවීමෙන් බදුල්ල, උඩුවර ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් පැවති බවයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.