ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් මිය ගිය ගණන 832ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට රජයේ නිලදාරියකු අනාවරණ කර තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ එම මරණ ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බවට ඔහු ප්‍රකාශ කළ බවයි.
මෙම භු කම්පනයෙන් හා සුනාමි තත්ත්වයෙන් 540 දෙනකු තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අතුරුදන්ව සිටින බවයි වාර්තාවන්නේ.
මේ වන විට පක්ෂ 3 ඉක්මවූ පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුනට අවශ්‍ය ආහාරපාන හා අත්‍යාවශ්‍ය දෑ හිගයක් පවතින බවද ප්‍රංශ පුවත් සේවය වාර්තා කළා.
ඔවුන්ට අවශ්‍ය සහන සේවා මෙහෙයුම් ක්‍රියාතක්මක වුවද එය ප්‍රමාණවත් නොමැති බවයි පැවසෙන්නේ.
මේ අතර සිද්ධියෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.
අඩි 18 ක රළ පහරක් එල්ලවූ ( පාලු ) දූපත ආශ්‍රීතව මෙම විශේෂ මෙහෙයුම් සිදුවනවා.
ප්‍රංශ පුවත් සේවට අදහස් දක්වමින් එරට රෝහල් ප්‍රකාශිකාවක කියා සිටියේ තවදුරටත් සෑම මිනිත්තුවකම ගිලන් රථ රෝහල් කරා එමින් පවතින බවයි.
පාලු ප්‍රදේශයේ උත්සවයක් පැවැත්වෙමින් තිබූ හෝටලයක් එහි සිටි 150 දෙනකු සමග විනාශවී ඇති අතර ඔවුන් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නැහැ.
සුනාමි ව්‍යසනයෙන් හානිවූ එක් ගොඩබිමක්  නිවාස හා ගස්වැල් ඇතුලු දේපල සමග මීටර 50ක් ගොඩබිම දෙසට ඇදී ගොස් ඇති බවද මෙම අනාවරණ තුල දැක්වෙනවා.
ඒ අනුව සිදුව ඇති හානිය තවත් බරපතල විය හැකි බවයි එම වාර්තා හෙළිකරන්නේ.

Amid Palu's levelled trees, overturned cars, concertinaed homes and flotsam tossed up to 50 metres inland, residents and rescuers struggled to come to grips with the scale of the disaster (AFP Photo/MUHAMMAD RIFKI)

Map of the Indonesian island of Sulawesi, where an 7.5 magnitude earthquake struck Friday. (AFP Photo/AFP)A family drive carrying a coffin of their lost relative in Palu following the earthquake and tsunami (AFP Photo/BAY ISMOYO)Images showed a double-arched yellow bridge had collapsed with its two metal arches twisted as cars bobbed in the water below (AFP Photo/OLA GONDRONK)

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.