ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා.ඒ වෙනුවෙන් වන ලෝක ළමා දින ජාතික උත්සවය අද අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමටයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත්තේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු සැලසුම් කොට තිබෙනවා.

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න’ තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය පැවැත්වෙනවා.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

විශේෂ දක්ෂතා සහිත දරුවන් 9දෙනෙකුට හා ලෝක ළමා දින මුද්ද‍රයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත් කරන විශේෂාංග මෙම ලෝක ළමා දින උත්සවයේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.