උතුරු මැද පළාතේ පැතිර යන දිලීර රෝග­යක් ගැන අන­තුරු ඇඟ­වී­මක්

වැරදි ප්‍රතිකාර හමුවේ උතුරු මැද පළාතේ ටීනියා (TINEA/DERMATOPHYTE) දිලීර සමේ රෝග පැතිර යන අවධානම වැඩිවී ඇති බව අනුරාධපුර ශික්ෂණ මහ රෝහලේ ලිංගික, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් පවසයි. උතුරු මැද පළාතේ පැතිර යන දිලිර රෝගය පිළිබඳව අදහස් පළ කරමින් ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.

‘සම මතුපිට තෙතමනය රැඳෙන ස්ථානවල, දහදිය දමන ස්ථානවල, කිහිලි වල, ඉකිළි වල, පියයුරු වලට යටින්, මුහුණ ආශ්‍රිතව, මෙම දිලීර රෝගය බහුලව දක්නට ලැබෙනවා. ටීනියා දිලීරය ස්පර්ශය මඟින් හෝ ආසාදිත රෝගියකුගේ ඇඳුම් මඟින් බෝවීමට පුළුවන්.

වෛද්‍ය අවවාදවලට අනුව සති 6 ක් පමණ ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ. ස්ත්‍රී පුරුෂ සහ වයස් බේදයකින් තොරව මෙය හැමටම බෝ විය හැකිය. මෙම දිලීරය සඳහා ප්‍රතිකාර ගැනීමේදී නියමිත ඖෂධ ,නියමිත මාත්‍රාව, නියමිත කාලය ඇතුළත දී ලබා ගත යුතුයි. එසේ නොවුණ හොත් රෝගය සුව නොවී කාලයක් ගත වීමට පුළුවන්’

මේ වන විට මෙම ටීනියා දිලිර ආසාදනය සඳහා ද බොහෝ ඖෂධ ප්‍රතිරෝධය දැක්වීමට පටන්ගෙන ඇත. මේ වන විට උතුරු මැද පළාතේ මෙම රෝගය ප්‍රතිකාර වලට ප්‍රතිරෝධය දක්වමින් පැතිර යමින් පවතිනවා. මෙම දිලීරය දැනගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍ය හේමා වීරකෝන් ජනතාව වෙත දන්වා සිටී.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *