ජාත්‍යන්තර ආර්ථිකයට සෘජුව බලපාන අමෙරිකා ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ඇතිවන අර්බුදයේ දී රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියා මාර්ග ඉදිරි සතියේ දී සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම සහ චීනය සමඟ කරන වෙළෙඳ ගනු දෙනුවල දී අධික බදු ක්‍රියාත්මක කිරීම නිසා ඇති වන තත්ත්වයන්ට කල්තියා මුහුණ දීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සදහන්.

මුදල් අමාත්‍යාංශය/ උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය/කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් මෙම නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට නියමිතයි.

අමෙරිකාව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නොවැම්බරයේ සිට ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමඟම ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැණුම්කරු වන ඉරානය වෙත තේ අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක්ද මතුවනවා.

මේ අතර චීනයට පනවා ඇති සම්බාධක හේතුවෙන් චීනය ආධාර හා දීමනා ලබාදීමද සිදුනොකරනු ඇති බවටයි අදහස් පලව ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.