ප්‍රධාන-පුවත්

නැවතුණු දුම්රියට පණ දුන් සිසුවාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඇගයීමක්

බෙදා හරින්න :

පසුගිය සැප්තැම්බර් 19 වන දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වූ අතර එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික නිලධාරීන්ටද නොහැකි වී තිබුණා.එම අවස්තාවේදී ස්වේච්ජාවෙන් ඉදිරිපත්වූ සිසුවකු විසිනුයි දුම්රිය යථා තත්ත්වයට පත් කර තිබුණේ.

මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර තිබුණේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.ඒ අනුව මෙම සිසුවා  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැදවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය සරත් අමුණුගම මැතිතුමා ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද එක්ව සිටියා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts