දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රජයේ ආදායම 2019 වසරේදී 15.1% ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

2014 වසරේදී දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම මේ වන විට ක්‍රමිකව වර්ධනය වන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර 2019  වසරේ අයවැය පරතරය පියවීම සඳහා රුපියල් බිලියන 1944ක ණය ලබා ගැනීමට සිදු වන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ලබන වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වනු ඇතැයි අපේක්ෂිතයි.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1% ක් වනවා.

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ලබන වසරේ ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 2057ක් වැය වන බවයි.

එය ඉතිහාසයේ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමට වැය කරන වැඩිම මුදල බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ලබන වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතට අනුව අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 175ක් වනවා.

දකුණු අධිවේගී මාර්ගය මත්තල දක්වා සංවර්ධනය කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය අතර කොටස නිම කිරීම, මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත මීරිගම කොටස හා පෑලියගොඩ සිට කොළඹ වරාය දක්වා කණු මත ඉදිවන වරාය පිවිසුම් මාර්ගය සඳහා මේ මුදල් වැය කිරීමට නියමිතයි.

මොරගහකන්ද හා උමා ඔය ව්‍යපෘති අවසන් කිරීම සඳහා තවත් රුපියල් බිලියන 75ක් වෙන් කෙරෙන අතර ග්‍රාම ශක්ති, ගම්පෙරළිය හා එක ගමකට එක වැඩක් ව්‍යාපෘති සඳහා තවත් රුපියල් බිලියන 63ක් වෙන් කර තිබෙනවා.

පෑලියගොඩ, අලුත්පාලමේ සිට ඉදිවන සැහැල්ලු දුම්රිය මාර්ගය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 5කි.

ආරක්ෂක අමාත්‍යංශයට මෙවර රුපියල් බිලියන 306ක් වෙන් කර ඇති අතර එය මෙවර වෙන් කර ඇති වැඩිම මුදල බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

පළාත් සභාවල එදිනෙදා වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 221ක්.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 4376ක් වනවා.

මෙවර අයවැය යෝජනා නොවැම්බර් මස 5 වන දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.