දේශීය පුවත් ප්‍රධාන-පුවත්

ඥානසාර හිමියන්ට සමාව ඉල්ලා ජනපතිට ලිපියක්

බෙදා හරින්න :

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන මෙන් ඉල්ලා හිමිවරුන් කිහිප නමක් විසින් ජනාධිපති කාර්යාලයට විශේෂ ලිපියක් ලබාදී තිබෙනවා.

ඒ බෙංගමුවේ නාලක,තල්ගමුවේ සුධිරානන්ද,දියසෙන්පුර විමල,මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසිනුයි.

“ඔබතුමා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයාට ජීවිත දානය දීමට තරම් ඔබතුමා සංවේදී නායකයෙකු විය. එය මුළු මහත් සමාජයටම ආදර්ශයක් විය. දැන් ඔබතුමාට තවත් සංවේදී කාරණයක් ඉතිරිව ඇත. එනම් ගමේ හැදී වැඩී, අප රටේ පළමු පුරවැසියා ලෙසත්,බෞද්ධ උපාසක මහතෙකු ලෙසටත් කල්පනා කර ඔබතුමාගේ බලතල ප්‍රකාරව ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන තෙක් මුළුමහත් සඟ පරපුර මෙන්ම මුළුමහත් බෞද්ධ සමාජයම බලා සිටී. ඔබට දළදා හිමි සරණයි“ යනුවෙන් ද එම ලිපියේ කරුණු දක්වා තිබෙනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts