රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා 2018 ජනවාරි සිට මේ දක්වා ඇ.ඩො. මිලියන 184ක් වෙළෙඳ‍පොළට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ප්‍රකාශ කළා.

මෙරට අපනයන මෙන් දෙගුණයක ආනයන සිදුවීම මෙසේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීමට හේතුවක් බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

විදේශ විනිමය පිටරටට ඇදීයාම වැළැක්වීම සඳහා අපි රජයත් සමග එකතුව වාහන ආනයනය සීමා කර තිබෙනවා. ඒ වාගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයටත් දැඩි කොන්දේසි පනවා සීමා කර තිබෙනවා. මෙමගින් රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගන්න පුළුවන්. එහෙම කරන්න බැරි වුණොත් අපිට තවත් පියවර කීපයක් ගන්න සිද්ධ වේවී.

සමහර අය රුපියල අවප්‍රමාණය වීමෙන් රටේ සමස්ත ආර්ථිකය අවුල්වන බවට කරන ප්‍රකාශ නිවැරදි නෑ. අප රටේ වගේම වෙනත් රටවල්වලත් ඒ රටවල මුදල් අවප්‍රමාණය වී තිබෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්න අපේ ‍පොලී අනුපාත ඉහළ නොදමන්නේ ඇයි කියලා සමහර අය ප්‍රශ්න කරන්න පුළුවන්. අනෙක් රටවලට සාපේක්ෂව අපි ‍පොලිය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගෙන යනවා. ඒ නිසා දැනට ඇති ‍පොලී අනුපාත වෙනස් නොකරන්න මුදල් මණ්ඩලය තීරණය කළා

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.