යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුල බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් තමන්ට එම සරසවියට ඇතුලුවීම සරසවි පාලනාධිකාරිය විසින් අහිමි කිරීමට එරෙහිව සිසුන් 5 දෙනකු ශ්‍රේෂ්ඨාධීකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ වී එස් ඩී එදිරිසිංහ / වී කේ කසුන් ගයාන් / කේ එම් ජී එස් උදය කුමාර / එස් උදය ප්‍රසාත් හා කේ කේ කේ එස් කන්නංගර යන සිසුන් විසිනුයි.
යාපනය සරසවියේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨය තුල මෙම බුදු පිළිමය ස්ථාපිත කර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි.
ඊට සිසුන්ගෙන් කිසිදු විරෝධතාවයක් මතු නොවූ බවද පෙත්සම්කරුවන් පවසනවා.
කෙසේ වෙතත් උපකුලපතිවරයා ඇතුලු පිරිසක් විසින් ඊට එරෙහිව මෙසේ පන්ති තහනමක් පනවා ඇති අතර ඒ අනුව තමන්ගේ අධ්‍යයන කටයුතු සදහා වන හිමිකම කඩව ඇති බවයි පෙත්සම්කරුවන් අවධාරණය කරන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.