පසුගිය ආණ්ඩු කාලයේ මෙන් මැදමුලන තියරිය භාවිතා කර ජාත්‍යන්තර සැසිවාර වලදී ජාත්‍යන්තරය මුලා කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.

රත්මලාන ධර්මාරාව පුරාණ විහාරයට රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුත් ඇස්බැස්ටස් තහඩු ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට අතිගරු ජනාධිපතිතුමා එක්ක මමත් ගියා. එතනදී ජනාධිපතිතුමා කිව්වේ. අපි ස්වාධීන ස්වෛරී රාජ‍්‍යයක්, අපේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න. ඒ වගේම ඒවාට උදව් කරන්න කියලයි. මොකද කකුලකට කට්ටක් ඇනිච්ච මිනිහා තමයි දන්නේ කට්ට ඇනීමේ වේදනාව. ඒ වගේම ඇනිච්ච බව මතක් වෙනකොට දැනෙන වේදනාව දන්නෙත් ඒ ඇනිච්ච මිනිහා විතරයි.ඒක බලන් ඉන්න මිනිහාට තේරෙන්නේ නෑ .ඒ නිසා මේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න කියලා කිව්වා. ඒ කිව්වේ මොකක්ද මැදමුලන තියරිය භාවිතා කරලා එතුමා ජාත්‍යන්තරය ගොනාට අන්දන්න ගියෙත් නෑ. ඒ වගේම NGO කාරයින්ගේ තිරණ වලට යටත් වෙලා සුද්දන් ළග දණ ගාවේත් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශය ප්‍රායෝගීක දේශප්‍රේමී ප්‍රකාශයක්. ඒ වැඩපිළිවෙලෙහි තමයි අපි ඉන්නේ. විවිධ බලපෑම් එන්න පුළුවන්. ඒ බලපෑම් ආවත් පොහොට්ටුවේ ඉන්න මිනිමරුවන්ට, සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.